hit counter

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 10, පෙ.ව. 12:07



ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපයෝජන සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි මහාධිකරණවල 4,000කට අධික නඩු සංඛ්‍යාවක් මේ වන විට පවරා ඇති බව  පවසයි.

1998 අංක 28 දරණ අපරාධ නඩු විධිවිධාන සංශෝධන දන්ඩ නීති සංග්‍රහයට අනුව මෙම නඩු පැවරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජාතික ළමාරක්ෂක අධිකාරිය, ඒ අනුව දිවයින පුරා පිහිටි මහාධිකරණවල නඩු 4,289ක් පවතින බව සඳහන් වේ. ඉන් නඩු 1,683ක් ජනවාරි මාසයේ කැඳවීමට නියමිත බව ද  සඳහන් කරයි.

ළමයින්ට අදාළව කරනු ලබන අසභ්‍ය පල කිරීම්, කුට්ටනයට ලක් කිරීම්, ලිංගික සංසර්ගය සඳහා ළමයින් කුළියට ගැනීම හෝ සේවයේ යෙදවීම, කෘෘරත්වයට භාජනය කිරීම, ස්ත්‍රී දූෂණය බරපතළ ලිංගික අපයෝජනය යන වැරදි සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහාධිකරණවල අදාළ අධි චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: