hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 මාර්තු 29, පෙ.ව. 5:11



මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම මෙහි ලක්ෂණ බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“බොහෝ දරුවන්ගේ ඇස්වලින් කබ ගැලීම සහ ඇස් රතුවීම වගේ රෝග ලක්ෂණ අපි දැක්කා. මේක ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේක වෛරස් එකක්. හැබැයි ද්විතීකව බැක්ටීරියා ආසාදනයක් වෙන්නත් පුළුවන්. රෝග ලක්ෂණ තියෙන අය කැස්ස, හෙම්බිරිසාව, උණ සහ ඇස් රතුවීම හෝ ඇස්වලින් කබ ගැලීම තියෙනවා නම් ගෙදර ඉන්න. වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න මේක දිගටම තිබුණොත්…”