hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 අප්‍රේල් 05, ප.ව. 2:25



කිලිනොච්චිය , භාරතීපුරම් ප්‍රදේශයේ පෙරපාසලක දරුදැරියන්ට ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් දරු දැරියන් 12 දෙනකු ඊයේ (04) දහවල් රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් වෛද්‍යවරයෙක් පැවැසුවා.

භාරතීපුරම් ප්‍රෙද්ශයේ පෙරපාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන්ට ක්ලාන්තය, වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගැනීමෙන් අනතුරුව මෙලෙස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවටත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.  

මේ අතර දරුවන් පානය කළ රසකළ දියර කිරි පැකට් පරීක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය හරහා අවධානය යොමු කිරීමට අදාල කාර්යාල නිලධාරීන් දැනුවත් කොට ඇතැයිද දරුවන්ගේ දෙමාපියන් වැඩිදුරටත් පැවසුවා.