hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 20, පෙ.ව. 1:18



ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

අධික උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි රෝග ඇති දරුවන් පාසල්වලට, පෞද්ගලික පන්තිවලට හෝ ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයවන ලෙසට විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

දරුවන්ට ශ්වසන අපහසුතා ඇති නම්, ඔවුන් නියුමෝනියාවෙන් පීඩා විඳිය හැකි බැවින් ළඟම ඇති රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කරන ලෙසද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.