2023 අගෝස්‍තු 08, පෙ.ව. 2:30
පවතින අධික උණුසුමත් සමඟ දරුවන් අතර රෝග පැතිර යෑම වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ හේතුවෙන් මවුපියන් දරුවන් පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ.
එමෙන්ම දරුවන්ට නිතර ජලය පානය කිරීමට දීම ඉතා අත්‍යවශ්‍ය බව ද, නිතර දරුවන් ඇඟ සේදීම, නෑවීම ද කළ යුතු අතර ජලය සමඟ නිතර දරුවන් තබා ගැනීම ද වැදගත් වෙනවා.
අව්වේ සෙල්ලම් කිරීමට ඉඩ දීම සහ අධික වෙහෙසට පත් කිරීම ද නොකළ යුත්තක්.
පාසල තුළ දී පිට්ටනියේ සෙල්ලම් කිරීමට යැවීමේ දී ඒ සඳහ අඩු කාල වේලාවක් තබා ගත යුතු වෙනවා.
දරුවන් විජලනය වීමෙන් වළක්වා ගැනීම සඳහා නිතර නිතර කුමක් හෝ පානයන් ලබා දෙන ලෙසත් එම වෛද්‍යවරයා කියා සිටියා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03