hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:04



ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බවට සඳහන් කළද එය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යශයේ මාධ්‍ය ලේකම් සාගර පෙරේරා පවසනවා.

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පසුගියදා ප්‍රකාශ කළා.

කලක සිට මෙය ක්‍රියාත්මක කිරීමට සිටියද පසුගිය රජයන් එය කල් දමමින් සිටි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: