hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 23, පෙ.ව. 2:29



පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දරුවන් දෙදෙනෙකු මියයාමට හේතුව නිර්වින්දන ඖෂධ නොවන බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී රෝහලේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ රෝහල මගින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකදී එම නිර්වින්දන ඖෂධයේ බලපෑමෙන් අනෙකුත් රෝගීන්ට ආසාත්මිකතා හටනොගත් බව හෙළිව ඇති බවයි.

වයස අවුරුදු දෙක හමාරක පිරිමි ළමයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර වයස අවුරුදු එක හමාරක අනෙක් දරුවාගේ මරණයට හේතුව ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ පෙනහළු ආසාදනයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවයි.