hit counter

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 10, පෙ.ව. 12:10



අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ – 2025 (2026) විභා­ග­යට අදාළ උප­කා­රක පන්ති පැවැ­ත්වීම හෙට (11) මධ්‍යම රාත්‍රි 12 සිට විභා­ගය අව­සන් වන තෙක් සම්පූ­ර්ණ­යෙන්ම තහ­නම් කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා ලිය­නගේ මහ­ත්මිය පැව­සු­වාය.

විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති පැවැ­ත්වීම සහ එම පන්ති මෙහෙයවීම, විෂ­යා­නු­බද්ධ දේශන, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විදත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහ­නම් කිරීම මෙහි දී සිදු කරයි. සාමාන්‍ය පෙළ විභා­ගය මේ මස 17 වැනිදා ආරම්භ වන අතර, මේ මස 26 වැනිදා දක්වා විභාග මධ්‍ය­ස්ථාන 3545කදී පැවැත්වේ.

යම් අයෙක් හෝ ආය­ත­න­යක් හෝ වෙනත් පාර්ශ්ව­යක් මේ නියෝග නොස­ලකා ක්‍රියා කළොත් ඒ තැනැත්තා හෝ ආය­ත­නය හෝ එම පාර්ශ්වය නීතිය හමුවේ වර­ද­ක­රු­වකු වන බව ද විභාග කොම­සා­රි­ස්ව­රිය පැව­සු­වාය.

කිසි­යම් තැනැ­ත්තකු හෝ ආය­ත­න­යක් හෝ පාර්ශ්ව­යක් මේ නියෝග යම් ආකා­ර­ය­කින් කඩ කිරී­මක් හෝ උල්ලං­ඝ­නය කිරී­මක් සිදු කළොත් ඒ පිළි­බ­ඳව ළඟම පව­තින පොලිස් ස්ථානය හෝ පොලිස් මූල­ස්ථා­නය හෝ ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව වෙත පැමි­ණිලි කළ හැකිය.

විභා­ගය සම්බ­න්ධ­යෙන් පැමි­ණිලි වෙතොත් 011-2421111 මඟින් පොලිස් මූල­ස්ථා­න­යට හෝ 119 මඟින් පොලිස් හදිසි ඇම­තුම් අංක­යට හෝ 1911 ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ ක්ෂණික ඇම­තුම් අංක­යට හෝ 011-2784208, 011-2784537 පාසල් විභාග සංවි­ධාන හා ප්‍රති­ඵල ශාඛාව වෙත දැනුම් දිය හැකිය.