hit counter

2026 අප්‍රේල් මස 15 වන බදාදා

2026 අප්‍රේල් 13, ප.ව. 3:49



ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන හඬපටය සම්පූර්ණයෙන්ම විකෘති කරන ලද හඬපටයක් බව ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ජයන්ත රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනය මගින් සභාපතිවරයා අවධාරණය කරන්නේ, මෙම ගනුදෙනුවලදී කිසිදු ආකාරයක මූල්‍ය අක්‍රමිකතාවක් හෝ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීමක් සිදුව නොමැති බවත්, සියලු කටයුතු විනිවිදභාවයකින් යුතුව සිදු කර ඇති බවයි.

හදිසි ගල් අගුරු සැපයුම හා අදාල ටෙන්ඩර් පටිපාටිය හා අදාල ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ජයන්ත රත්නායක මහතා නිවේදනය මගින් සඳහන් කළා.

කෙසේවෙතත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ එම හඬපටයෙහි මෙවැනි සංවාදයක් අන්තර්ගත වුණා.

“මට දැන් පොරොන්දුවෙනවා අද දිනය දාලා හාඩ් කොපිය ගේනවා කියලා… මම බේරන්නෙ කාවද දන්නවද? ජනාධිපතිතුමාවයි, ධම්මික මහත්තයාවයි, මොහාන් මහත්තයාවයි තමයි මම බේරන්නේ. පව්නේ ඒගොල්ලෝ. ඔයාගෙත් යුතුකමක් තියෙනවා රත්තරන් මල්ලි, ඕක කරන්න එපා. මම කියන්නේ කොහොමහරි හෙට උදේ නවයයි පනස්පහ වෙනකොට මට හාඩ් කොපි එක තියෙන්න ඕනෑ අද දිනය දාලා.”

මේ සම්බන්ධයෙන් මෙම ටෙන්ඩර් පටිපාටිය තුළ බරපතළ වංචාවක් සිදුව ඇති බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා

මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම හඬපටය හරහා ජනාධිපතිවරයාගේ සහ ඔහුට සමීප ව්‍යාපාරිකයන්ගේ නම් පවා කියවෙන බැවින්, මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: