hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 13, පෙ.ව. 8:25



නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයට ආනයනය කළ ගල්අඟුරු නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ගල්අඟුරු තොගය ගොඩබෑමෙන් තොරව දින කීපයකට සිට පුත්තලම මුහුදු තීරයේ නවතා ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරියෙක් පැවසුවා.

මෙම ගල්අඟුරු නෞකා දෙක ගොඩබෑමට පෙර ගෙවීය යුතු ඉතිරි සියයට 70 ක මුදල ගෙවීමට ඇති බවත් ඒ සඳහා රුපියල් කෝටි 2000 කට අධික මුදලක් අවශ්‍ය බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.