2023 මැයි 31, පෙ.ව. 10:06
පොල් වගාවට මහත් අභියෝගයක් එල්ලවිය හැකි බරපතළ නව කෘමි වසංගත රෝගයක් ලංකාවේ පළමුවරට ගාල්ලෙන් සොයා ගැනීමට හැකි වී ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර එච්.ජී. හේමන්ත මහතා ඊයේ (30) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී හෙළි කළා.
මෙම රෝගය “බ්‍රොන්ටිෂ්පා” නමැති කෘමි වර්ගයක් විසින් පොල් ගසේ ගොබය විනාශ කරමින් පැතිර යන බරපතළ රෝගයක් බවත් මේ වනවිට මෙම රෝගය වැලඳුණු පොල් වගාවන් ගාල්ල, දොඩන්දුව සිට මාතර, කඹුරුගමුව දක්වා වෙරළ ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර අවම වශයෙන් මෙවැනි පොල් ගස් 4,000ක් පමණ හඳුනාගෙන ඇති බවද ඒ මහතා පැවැසුවා.
මෙම රෝගය හඳුනාගැනීම දුෂ්කර බවත් ලංකාවේ පළමුවරට ගාල්ලෙන් හඳුනාගත් මෙම රෝගය ගැන පොල් පර්යේෂණාගාරය පරීක්ෂණ අරඹා ඇති බවද පැවැසුවා.
මෙම හඳුනාගත් පොල් ගස්වලට රසායනික එන්නතක් විදීම අරඹා ඇති බවත් එය එන්නත් කිරීමෙන් පසු අඩුම තරමින් මාස තුනක්වත් එම පොල් ගසේ පලදාව ආහාරයට නොගතයුතු බවත් රෝගය හඳුනාගත් වහාම පලදාව ඉවත් කොට එන්නත් කරවා ගත යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
මෙම රෝගය වැලඳුණු ගසේ පොල් ගොබය මැරී කඩා වැටෙන බවද ඒ මහතා පෙන්වා දෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06