hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 02, ප.ව. 5:53



කොළඹ පැවැත්වෙන විරෝධතා පා ගමන කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක අසලින් නැවතී තිබෙනවා.

විශාල පොලිස් බල ඇණියක්ද මේ වනවිට කොටුවට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

එම පොලිස් මාර්ග බාධකය අසල සිට විරෝධතාකරුවන් ජනතාව ඇමතීමට කටයුතු කර තිබුණා. එම අවස්ථාවේදී වේදිකාවක් නොතිබූ හෙයින් විරෝධතාකරුවන්ගේ කර මතින් නැග අරගලකරුවන් ජනතාව ඇමතීමට කටයුතු කළා.