hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 02, ප.ව. 3:33



ආණ්ඩුවට එරෙහි විරෝධතා ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා මේ වනවිට දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීය සමිති නායකයින් සහ අරගලකරුවන් මරදාන එලිෆින්ස්ටන් රගහල ආසන්නයට රැස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට එම විරෝධතා පා ගමනට එක්ව තිබෙනවා. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමරත්න මහත්මිය ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද ඊට එක්ව තිබෙනවා.

නීතිඥවරුන් පිරිසක්ද පා ගමන ‌ඉදිරියෙන්ම ගමන් ආරම්භ කර තිබෙන අතර ඒ් සඳහා අරගලයේ සිටි නීතිඥ පිරිසක්ද සහභාගී වී සිටිනු දක්නට ලැබෙනවා.

මේවන විට විශාල පිරිසක්ද එක්ව සිටින ආකාරයක් දැකගන්නට තිබෙන බවයි වාර්තා වන්නේ.