hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 19, පෙ.ව. 10:21



ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවි රසායානාගාරයේ සිදු කෙරෙන පරික්ෂණ නතර කර ඒවා පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කර ඇති බවට වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම රසායානාගාරයේ පරික්ෂණ නතර කිරීම මගින් මසකට රුපියල් ලක්ෂ 300 ක පමණ පරීක්ෂණ පෞද්ගලික අංශයට යොමු කෙරෙන බවයි.

එලෙස යොමුකරන එක් පරීක්ෂණයක් සඳහා සියයට 20 සිට 30 දක්වා කොමිස් මුදලක් පෞද්ගලික රසායානාගාර මගින් ලබාදෙන බවද වෛද්‍ය රසායනාගාර විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති රවිකුමුදේශ් මහතා කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

ජාතික රෝහලේ ක්ෂුද්‍රජීවවේදී අංශයෙන් දිනකට කෙරෙන මූත්‍රා වැවීමේ පරීක්ෂණ (යූරින් කල්චර්) 200ක් පමණ අද වන විට පෞද්ගලික අංශයෙන් කර ගැනීමට රෝගීන්ට සිදුව ඇතැයි ද රවී කුමුදේශ් මහතා පැවසුවා.

එමෙන් ම මූත්‍රා පරීක්ෂණ, සෙම පිළිබඳ ක්‍ෂුද්‍රජීවවේදී පරීක්ෂණ, ප්‍රතීජීවක ඖෂධ සංවේදීතාව පිළිබඳ පරීක්ෂණ, ප්‍රතිජීවක ප්‍රතිවීරෝධතා පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ දස දහසක් පමණ කර ගැනීමට පැමිණෙන රෝගීන් පෞද්ගලික රසායනාගාරවලට හරවා යැවෙන බවට ඔහු චෝදනා කළා.

ජාතික රෝහල අවට රසායනාගාරයකින් මේ පරීක්ෂාවන් කර ගැනීමට අවම වශයෙන් රුපියල් 3000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බවත් මුදල් නොමැතිකම නිසා බොහෝ රෝගීන් තමන්ට නිර්දේශ කරන වෛද්‍ය පරීක්ෂණ කර නොගන්නා තැනට පත්ව ඇති බව ත් හෙතෙම පෙන්වා දුන්නා.