2023 ජූලි 22, පෙ.ව. 2:22
ජාතික රෝහලේ ඊයේ (21) දිනය තුළ සූදානම් කර තිබූ ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ, ප්‍රොපොෆෝල් නැමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය හදිසියේ තීරණය කිරීම මීට හේතුව බවයි.
කෙසේ වුවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ, වෙනත් නිර්වින්දන ඖෂධ භාවිත කරමින් ශල්‍යකර්ම සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී මැදිවත්ත මහතා,
”අද තොරතුරු ලැබිලා තියනවා ශ්‍රී ලංකා ජාතික රෝහලේ අද දිනයේ ශල්‍යකර්මවලට සූදානම් කරගෙන හිටපු රෝගීන් විශාල ප්‍රමාණයකගේ ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ප්‍රොපොෆෝල් නමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කරන්න වෛද්‍ය සැපයීම් අංශය හදිසියේ ගත්ත තීරණයක් නිසා. ඒ නිසා ඒ ශල්‍යකර්මයට අවශ්‍ය, සිහිනැති කිරීම සඳහා අවශ්‍ය වෙනත් ඖෂධයක් සොයාගන්නා තෙක් ශල්‍යකර්ම මේ වන විට ප්‍රමාද වෙලා තියනවා. ඉතිං මේක හදිසියේ ඇති වුණ තත්ත්වයක්. අනිත් එක මේ ඖෂධය නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ගෙන්නපු ඖෂධයක්. එතකොට ඒක හදිසියේ ඉවත් කරන්න හේතුවක් නෑ”
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06