2025 සැප්තැම්බර් 04, ප.ව. 6:14
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ NSBM Green University සමඟ ඒකාබද්ධව අප රට තුළ සාම්ප්‍රදායික ක්‍රමවේදවලට සීමා වී සිටින ගොවීන් “සුහුරු ගොවීන්” (Smart Farmer) ලෙස පරිවර්ථනය කිරීම සඳහා “Colombo Robotics Meetup 2025” නම් වැඩසටහනක් දියත් කර තිබෙනවා.
මෙම වැඩසටහන එළඹෙන සැප්තැම්බර් මස 12 වැනි දා NSBM Green University පරිශ්‍රයේදී පැවැත්විමට නියමිත අතර එම වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (04) ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට රොබෝ විද්‍යාව සහ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදී සාම්ප්‍රදායික ගොවීන් ඔවුන්ගේ සීමාවන්ගෙන් මුදවා ගෙන නව මඟකට යොමු කිරීම මෙහි අරමුණයි.
මේ සඳහා ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්, NSBM හරිත විශ්ව විද්‍යාලය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA), පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණය සඳහා වූ ජාතික මුලපිරීම (NIRDC) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යන ආයතන ඒකාබද්ධ වීමද විශේෂත්වයක්.
මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, NSBM විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය වරලත් ඉංජිනේරු ලසිත් බාලසූරිය මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමිතා ජයවර්ධන මහත්මිය, ජාතික ව්‍යසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගේ මහතා සහභාගී වූ අතර ලන්ඩන් ඉම්පිරියෙල් කොලේජ් හි මහාචාර්ය ක්‍රිෂාන්ත නානායක්කාර මහතා සූම් යෙදවුම ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ වුණා.
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:13
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:09
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 07, පෙ.ව. 12:06