hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 14, පෙ.ව. 11:44



පසුගියදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ගිය හා මියගිය පිරිස තවදුරටත් සේවයේ නිරතවන සේ සළකා රුපියල් මිලියන10.08ක මුදලක් ගෙවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ පැවති පරිපාලන අක්‍රමිකතා හේතුවෙන් 2019, 2020, 2021 යන වසරවල දී මෙම තත්වයට පත්ව ඇති බවත් අදාළ මුදල් මේ වනවිට අයකරමින් සිටින බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු කෝප් කමිටුව හමුවේ දී පැවසුවා.

එහිදී මෙම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරවල දී නිවැරදිව දත්ත වාර්තා වී නොමැති බවත්, මාසයේ 25 වනදා වනවිට අදාළ අයගේ වැටුප් සකස්කර දී ඇති බවත්, විශ්‍රාම ගිය හා මියගිය සේවකයින් තවදුරටත් සිවිල් ආරක්ෂක සේවයේ නිරතවන සේ සළකමින් ගෙවා ඇති වැටුප් මේ වනවිට අයකර ගනිමින් ඇති බවයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වී ඇති අතර එහිදි මෙම තොරතුර අනාවරණය වී ඇති බවට වාර්තා වන්නේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානියා වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට මියගිය සේවකයින් 440කට තවදුරටත් සේවයේ නිරතවන් සේ සළකා මිලියන 10.08 ක මුදලක් ගෙවා ඇති බවයි.

Example Image