2025 අප්‍රේල් 08, ප.ව. 1:58
මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අසේල සිල්වා මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ, නඩු කටයුතුවලදී අක්‍රමිකතා සිදු කර ඇතැයි යන චෝදනා යටතේයි.
ඔහු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ගාමිණී අමරසේකර මහතා ඒ පිළිබඳ විමර්ශන සිදු කර තිබෙනවා.
එම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා කිසිවෙකුටත් නොදන්වා නීතිඥවරුන් ලෙස මාරවිල අධිකරණය වෙත ගොස් එහි කටයුතු නිරීක්‍ෂණය කර ඇති අතර එහිදී ද මහේස්ත්‍රාත්වරයාට එල්ල වී ඇති ඇතැම් චෝදනා සම්බන්ධයෙන් සනාථ වී ඇති බවයි වාර්තා වුණේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව මහේස්ත්‍රාත්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ඒ අනුවයි.
නීතිඥයකු සහ නඩුවක පාර්ශවකරුවකු ලෙස සැරසුණු අධිකරණ සේවා කොමිසම නියෝජනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර මහත්වරු එක්ව මෙම මහෙස්ත්‍රාත්වරයකුගේ අධිකරණ කටයුතු රහසිගතව නිරීක්ෂණය කර තිබෙනවා.
පසුගිය 02දා මේ විනිසුරුවරුන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට හදිසි සංචාරයක් ගොස් ඇත්තේ අදාළ මහෙස්ත්‍රාත්වරයාට එරෙහිව ලැබුණු පැමිණිලි කිහිපයක් පරීක්ෂා කිරීමයි. නඩු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් සහ සාක්ෂි රැස් කිරීමෙන් පසු, දිවා ආහාර විවේකයේ දී මහෙස්ත්‍රාත්වරයාගේ කුටියේ දී ම ඔහු හමු වූ විනිසුරුවරු, ඔහුගේ පැහැදිලි කිරීම්වලින් සෑහීමකට පත්වී නැති අතර, ඒ මොහොතේ ම විනිසුරුවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:41
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:34
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:31
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:24