hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 දෙසැම්‍බර් 10, පෙ.ව. 7:26



කොවිඩ් 19 යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට හා ඒ යටතේ පවතින රෝහල් හා ආයතන වෙත 2020 වර්ෂයේ දි ලැබි තිබු  රුපියල් මිලියන 1,339.28ක් වටිනා විවිධ භාණ්ඩ, වෛද්‍ය උපකරණ හා වෛද්‍ය සැපයිම් අමාත්‍යංශයේ මුල්‍ය ප්‍රකාශනවල ඇතුලත් කර නොතිබු බව  ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම වටිනාකම නොදත් භාණ්ඩ ඒකක 2,444ක් ද මුල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණ බවද වාර්තා වෙනවා.

2020 වර්ෂයේ දි විවිධ විදේශිය රාජ්‍යයන්, දේශිය හා විදේශිය ආයතන, සංවිධාන හා පුද්ගලයින්, දේශිය හා විදේශිය රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම වෛද්‍ය උපකරණ ඇතුළු විවිධ සැපයිම් ලබා දි තිබුණා.

ගිණුම්ගත නොකළ සියලු වත්කම් හදුනාගෙන ගිණුම්ගත කරමින් 2022 වර්ෂයේ මුල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඉදිරිපත් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට තිබෙනවා.

 මේ සම්බන්දයෙන් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ කොවිඩි 19 යටතේ  රෝහල් හා ආයතනවලට ලැබි ඇති  මුල්‍ය හා මුල්‍ය නොවන ආධාර පරිත්‍යාග පිළිබද තොරතුරු ලබාගෙන මුල්‍ය ප්‍රකාශනවල ඇතුලත්විම හෝ නොවිම පිළිබද කඩිනමින් වාර්තා කරණ බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු අනාවරණය වෙනවා.