hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 මැයි 03, පෙ.ව. 7:22



කොවිඩ් මරණයක් පෙරේදා (01) සිදුවී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (02) නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ බව තහවුරු කර ඇති බවය.

එසේම තවත් කොවිඩ් ආසාදිතයින් 06 දෙනෙකු පෙරේදා හඳුනාගෙන තිබෙනවා.

එවන් පසුබිමක සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පවතින වාතාවරණය තුළ කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවත් ජනතාව විමසිලිමත් වියයුතු බවයි.

පසුගිය සතියේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සැලකීමේදී දෛනිකව ආසාදිතයින් 5කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන් වෙනවා.

ඒ අනුව මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයත් සමග මෙම කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.