hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 28, පෙ.ව. 2:01



කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදු වන නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම් දෙනවා.

පසුගිය කාලයේ සිට කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් අසල්වාසී ඉන්දියාවේ ආසාදිතයන්ගේ වාර්තා වීම වර්තමානය වන විට ඉහළ යෑමත් සමඟ නැවතත් මෙරට වාර්තා වීම ඉහළ යෑමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරු පවසනවා.

මෙම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පැලඳීම, දෑත් පිරිසුදුව තබා ගැනීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදිය යුතු බව ද වෛද්‍යවරු ප්‍රකාශ කරනවා.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් 672,143ක් වාර්තා වී ඇති අතර පෙරේදා (26) ආසාදිතයන් 4ක් අලුතින් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් මේ වන විට ජනතාවට අමතකව ගොස් ඇති බවත් මුව ආවරණ පැලඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් වයිරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් වෛද්‍යවරු පවසනවා.