hit counter

2026 මාර්තු මස 19 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 5:06



අග්නිදිග ආසියාවේ රටවල් අටක් අතරින් සංවිධානාත්මක අපරාධ සිදුවන 6 වැනි රට ශ්‍රී ලංකාව යයි ජාත්‍යන්තර පොලිසියට සම්බන්ධ එන්ආක්ට් සංවිධානය සිය අලුත්ම වාර්තාවෙන් අනාවරණය කර තිබෙනවා.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අපරාධ දර්ශකය සියයට 4.64 ක් දක්වා ඉහළ නැග තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාවේ පාතාල කල්ලි 30 ක් සිටින බවද හෙළිවී ඇති බව වාර්තා වෙනවා.

මෙම පාතාල කල්ලි කොළඹ, මාලිගාවත්ත, දෙමටගොඩ, මරදාන, උතුරු කොළඹ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන බව කියැවෙනවා.