2025 ජූලි 07, ප.ව. 5:01
කරුණාවේ විශ්වීය මුද්‍රාව වන 14 වන ශුද්ධොත්තම දලයි ලාමා වහන්සෙගේ 90 වන උත්තරීතර ජන්ම දිනය ධර්මාලෝකයෙන් සුපූජීත කරනු වස් ඉන්දියාවේ ධර්මශාලාහි දී සංස්කෘතිකමය සැමරුම් උත්සවය පැවැත්වුයේ පසුගිය ජුලි මස 06 වැනි දිනයි.
දයානුකම්පාවේ හා මානවීය ගුණාංගයන්ගේ සාරවත් ප්‍රායෝගික දර්ශනය වන ශුද්ධොත්තම දලයි ලාමා වහන්සෙගේ ජන්ම දින සැමරුම සඳහා ලොව පුරා භක්ත්‍යාධර ගෞරව පුර්වක බෞද්ධයන් නියෝජනය කරමින් රටවල් 60 ක පමණ ප්‍රමාණයක් සිය සංස්කෘතිකමය දායාදයන් සමඟ පසුගිය 06 වැනි දින ඉන්දියාවේ ධර්මශාලා වෙත පැමිණියේ ය.
එ අනුව අන්තර්ජාතික බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහලේකම්, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති, බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ අග්‍රගන්‍ය පියවරක් ලෙස ශුද්ධොත්තම දලයි ලාමා වහන්සෙගේ ජන්ම දින සැමරුම සඳහා ඉන්දියාවේ ධර්මශාලා වෙත ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සංස්කෘතික කණ්ඩායමක් යොමු කරන ලදී.
නර්තනාචාරීනී ඉරේෂා උදයංගනී මහත්මියගේ නායකත්වය හා පංචමී හේවාවිසෙන්ති සම්බන්ධීකාරකතුමිය ඇතුළුව විසි දෙනෙකුගෙන් යුත් සංස්කෘතිකමය නර්තන කණ්ඩායමක් ඉන්දියාවේ ධර්මශාලා බලා 2025 ජුලි මස 03 දින පිටත් වුයේ ය.
මෙම හෘදයාංගම සැමරුම් උත්සවයේ දී දේශීය නර්තන සම්ප්‍රධායන්ගෙන් අලංකෘතව ශ්‍රී ලාංකීය අනන්‍යතාවය අභිමානවත් ලෙස ඉදිරිපත් කරමින් සමස්ත සැමරුම් උත්සවයේ සංකේතාත්මක සලකුණක් බවට ශ්‍රි ලාංකික සංස්කෘතික කණ්ඩායම පත් වු බව කිව යුතුය.
එලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාවය අන්තර්ජාතික වශයෙන් බබළවමින් 14 වන ශුද්ධොත්තම දලයි ලාමා වහන්සෙගේ 90 වන ජන්ම දිනයට සමස්ත ලාංකීය බෞද්ධයන්, ශුද්ධොත්තම දලයි ලාමා වහන්සේ නමින් උපන් භක්තිමත් ප්‍රාර්ථනාවන් සමස්ත ලෝකයාටම බෙදාදීම ට අපගේ සංස්කෘතික කණ්ඩායම සමත් වු අතර අප කණ්ඩායම ජුලි මස 11 වන දින ධර්මශාලා සිට ශ්‍රි ලංකාවට පැමිණියේ ය.
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:13
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07