2026 මාර්තු 17, ප.ව. 5:31
තවත් සතියක් හෝ දෙකක් යනවිට විදුලි කප්පාදු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.
”අප්‍රේල් 12 වෙනකොට ඩීසල් නැතිවෙනවා. ඊළඟ ප්රශ්නය තමයි වැඩියෙන්ම ඇවිල්ල තියෙන්නෙ මේ නැව් ටික ගත්තොත් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ පෙට්‍රල්. ඩීසල් ගේනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ පෙට්‍රල් ටික පාරිභෝජනයට යනවා, හැබැයි ඩීසල් ටික යන්නේ විදුලි උත්පාදනය සඳහා. ඔබතුමාලගේ කාර්යාලයේ ඉස්සරහා තමයි තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එක. ඒකේ 14 වෙනිදා 15 වැනිදා ,16 වෙනිදා සියලුම වාර්තා ටික මම සභාගත කරනවා මෙගාවොට් එකසිය පනහක් නොරොච්චෝලේ බාල ගල් අඟුරු හින්දා අඩුවෙලා තියෙනවා.සාමාන්‍යයෙන් මේ සිස්ටම් කන්ට්‍රෝල් සෙන්ටර් එකට ඕන විදිහට විදුලිය ගන්න බැහැ. ඒගොල්ලෝ මේක පික් කරන්න ඕනේ මිල අඩුම එකේ ඉඳලා පටන් ගන්න ඕනේ හයිඩ්‍රොපවර් වලින්. ඊට පස්සේ උඩට සෝලා, වින්, බයෝමාස්, ඊට පස්සේ තමයි ගල් අඟුරු එහෙමත් මදි උනොත් තමයි ෆර්නස් වලට යන්න තියෙන්නේ. එහෙමත් මදි වුනොත් තමයි නැප්තර් වලට යන්න තියෙන්නේ. එහෙමත් මදි උනොත් තමයි ඩීසල් වලට යන්න තියෙන්නේ. මේ තත්ත්වය අනුව සාමාන්‍යයෙන් නොරුච්චෝලයේ ඒ මෙගාවොට් 810 එලියට ආවනම් අද දවසේ එක තෙල් ලීටරයක්වත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නිෂ්පාදනය සඳහා .හැබැයි මොකද වෙලා තියෙන්නෙ? මෙගාවොට් 150 හදන්න වෙලා තියෙන්නේ ඩීසල් ලීටර් ලක්ෂ තිස්පහක් සතියකට යනවා, මාසෙකට යනවා ඩීසල් ලීටර් ලක්ෂ එකසිය හතළිහක් . මෙන්න සිස්ටම් කන්ට්රෝක් එකේ විදුලි බල මණ්ඩලයේ රිපෝට් ටික තියෙනවා. ගිහිල්ල බලන්න තව සතියක් දෙකක් යනකොට විදුලි කප්පාදුවකට යන්න වෙනවා.”
2026 මාර්තු 17, ප.ව. 5:21
2026 මාර්තු 17, ප.ව. 5:09
2026 මාර්තු 17, ප.ව. 3:52
2026 මාර්තු 17, ප.ව. 3:32
2026 මාර්තු 17, ප.ව. 3:16