hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 11:58



පසුගිය ජනපතිවරණ වේදිකාවේ සජබ අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීම වෙනුවෙන් කථා කළ රංගන ශිල්පිණී දමිතා අබේරත්න ජනපතිවරණ පරාජයෙන් පසු මෙසේ කියා තිබෙනවා.

අරගලේ වාසිය මං හිතන්නෙ ජවිපෙ  ගත්තා. මොකද ඒ ගොල්ලෝ අරගල කරන්න එපා. අරගල කරන්නේ පිස්සො කියලා කිව්වට අරගලය වාසී ගියා මාලිමාවට.දුකක් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා අරගලේ කරේ.සියලු දෙනාටමත් පාට පක්ෂ තියෙනවා. මගේ මතයකවදත් සජිත් ප්රේමදාස මැතිතුමා සහ සමගි ජන බලවේගයේ මතයයි.දැන් ඔහොම පාලනය භාරගත්තට මිනිස්සු එපා කියපු දේවල් ඒගොල්ලන්ටත් කරන්න සිද්ධ වෙනව. එතකොට තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ. රාජ්යතාන්ත්රිකව ඉන්නවා ඉන්නකොට ඒ වගේ දේවල් කරන්න සිද්ද වෙනවා කියල ඒක  වැරදි නෑ කියල එතන මං කියන්නේ දැන් කෑගහන්න එපා .මං කියන්නෙ මෙච්චරයි මෝටර් සයිකල් ඒකට ලයිසන් එකක් දීපු මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් එන්න කිව්වොත් මොකද වෙන්නෙ බලන් ඉමු.අවශ්‍ය වෙලාවක පාරට බහින්න බය නැහැ. අපි අරගල කරපු මිනිස්සු ආයි පුරුදු කරන්න ඕනෑ අපිව.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: