2023 ජූලි 06, පෙ.ව. 11:16
මුතුරාජා හස්තියා හට වද හිංසා පැමිණවීම පිළිබඳ මුතු රාජා හස්තියාගේ ඇත්ගොව්වාටත්, ඇතා භාරයේ සිටි නායක හිමිපාණන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මුතුරාජා හස්තියා රැකබලා ගැනීමේදී වධ හිංසාවලට ලක්කර තිබෙන ඇත්ගොව්වා පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.
ඒ සමගම නායක ස්වාමීන් ස්වාමීන් වහන්සේ විසින් යම් ගිවිසුමක් සිදුකර මුදල් ලබා ගැනීම පිළිබඳව එළිදරව් වී තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු පොලිස් මූලස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.
මෙම මුතු රාජා හස්තියා නැවත රැගෙන යාමෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවී ඇති බවත් වගකිව යුතු පාර්ශව පිළිබඳ නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි ඩෑන් ප්‍රියසාද් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා පාර්ශව මුතුරාජා හස්තියා පිලිබඳව තායිලන්තයට යම් යම් අනාවරණ සිදු කරමින් සිදු කර ඇති ප්‍රකාශ පිළිබඳව වුවද ද සොයා බැලිය යුතු බවත් මෙහිදී කියා සිටියා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03