hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2024 ජනවාරි 22, පෙ.ව. 12:02



සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ තාවකාලිකව නතර කළ සෞඛ්‍ය වැඩවර්ජනය පෙබරවාරි 01 දින නැවත ක්‍රියාත්මක කිරීමටයි.

ඒ අනුව එම සන්ධානය සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 72ක සහභාගීත්වයෙන් පැවති විශේෂ සමුළුවක දී ගත් ඒකමතික තීන්දුවකට අනුව මෙලෙස යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බවයි.

පසුගියදා ද ඔවුන් වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කළ අතර එහිදී රෝගීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.

එහිදී වෛද්‍යවරුන් ට වැඩි කළ රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටියා.

එම වර්ජනය අතරවාරයේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති වෙත සාකච්ඡාවක් ලබා දුන්නා.

එහිදී අමාත්‍යවරයා එකඟ වී ඇත්තේ, විදේශගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවටයි.

ඒ අනුව අදාළ වෘත්තීය සමිති විසින් වර්ජනය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගනු ලැබුවා.

එවන් පසුබිමක ඔවුන් යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත්තේ, බරපතළ අසාධාරණ තීන්දු ගනිමින්, අනවශ්‍ය වර්ජනයක් වෙත සෞඛ්‍ය සේවාව තල්ලුකර දැමූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශයට විරෝධය දැක්වීමේ අරමුණින්.

කෙසේ වෙතත්, ඒ අනුව ලබන පළමු වනදා සිට දිවයින පුරා යළි වර්ජන සහ විරෝධතා සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන් තීරණය කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: