hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:08



එළඹෙන 15 වනදා සිට ඩෙංගු මර්ධන රාජකාරීවලින් ඉවත්වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම, අද (08) සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දෙන සියලුම වාර්තා අත්හිටුවීමට සහ ප්‍රගති සමාලෝචන ඇතුළු සියලු රැස්වීම්වලට සහභාගී වීම ද නතර කර ඇති බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 2ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළේ, ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යාමට සාපේක්ෂව දීමනාව ඉහළ නොදැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති පැවසුවේ එම වෘත්තීය ක්‍රියාමාර්ගයට ද සාධනීය පිළිතුරක් නොලැබීම හේතුවෙන් තවදුරටත් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කළ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: