hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:07



අද (19) ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබෙනවා.

එම සාකච්ඡාව ද අසාර්ථක වුව හොත් අද (19) පස්වරුවේ රැස් වී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි, සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.

පසුගිය සති කිහිපය තුළ අවස්ථා දෙකක දී, වෛද්‍යවරුන් සඳහා වැඩි කළ රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් එක් ව දින කිහිපයක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත විය.

පසුගිය 15 වැනි දා පෙරවරුවේ එම වර්ජනය තාවකාලික ව අවසන් කෙරුණේ, වෘත්තිය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ලිඛිත ව එකඟතාව පළ කිරීමත් සමඟ ය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ අද පෙරවරු 11.00ට පමණ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: