2023 පෙබරවාරි 03, පෙ.ව. 10:18
ඝාතනය කළ බවට සැකකෙරෙන කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන් තිබෙනවා.
මේ අතර වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය එහි රැගෙන ආ යුවළක් විදෙස්ගත වී ඇති බවයි.
ඊයේ (01) දිනයේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ ජනප්‍රිය නිමි ඇඳුම් සාප්පු ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයාගනු ලැබුවා.
ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇතැයි නිලධාරියෙක් සඳහන් කළා.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
2025 අගෝස්තු 05, පෙ.ව. 11:49
2025 අගෝස්තු 05, පෙ.ව. 10:48
2025 අගෝස්තු 05, පෙ.ව. 10:44
2025 අගෝස්තු 05, පෙ.ව. 10:41
2025 අගෝස්තු 05, පෙ.ව. 10:20