2023 අප්‍රේල් 25, පෙ.ව. 11:09
මාළු මිලදී ගනිමින් සිටි තරුණ යුවළක් ලොරි රථයකට යටවී තරුණිය මියගොස් තරුණයා බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර, සේරුපිට, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කන්දමුල්ලගේ උදේනි නිමේෂා කරුණාතිලක නමැති 23 හැවිරිදි තරුණියක්.
ඇය කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන අවසන් වසරේ සිසුවියක් බවත්, ලබන 28 දා විවාහ වීමට දින යොදා ගැනීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සඳහන් වෙනවා.
ඇය විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණයා සමග පෙරේදා (23) රාත්‍රි කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්ලස්හේන හන්දියේ නවතා මාළු මිලදී ගනිමින් සිටියදී කළුතර දෙස සිට මතුගම දෙසට පැමිණි ලොරියක ගැටී අනතුර සිදුව තිබෙනවා.
බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, තරුණිය මියගොස් ඇති බවත්, තරුණයා බරපතළ තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළා.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට ප්‍රකාශ කර ඇතැයි පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙක් කියා සිටියා.
ලොරි රථ රියදුරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන්වරුන් වන සිල්වා ( 5719) සහ ජනක (58241) පරීක්ෂණ පවත්වයි.
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:25
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:12
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:11
2025 පෙබරවාරි 12, පෙ.ව. 12:09