hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 14, පෙ.ව. 9:02



උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන කළමනාකාර සහායකවරයෙක් කැනියුලාවක් මගින් සිදුවූ විෂබීජයක් ආසාදනය විම හේතුවෙන් මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මෙම කළමණාකාර සහකාරවරයා තමන්ට ඇති වූ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට සේලයින් ඖෂධ ලබා දීම සඳහා අතට සවිකල කැනියුලාවෙන් ශරීරයට විෂබීජයක් ඇතුලු වී එය රුධිරය හරහා හෘදය දක්වා ගමන් කර ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.

උණ රෝගය වැළඳී දරුණු ලෙස රුධිර පට්ටිකා අඩුවීම හේතුවෙන් ඔහුට සේලයින් ඇතුළු විවිධ ඖෂධයන් වෛද්‍ය නිර්දේශ මත කැනියුලාව හරහා ලබා දීමෙන් පසුව රෝගය සුවපත් වී ඔහු නිවස බලා ගොස් තිබෙනවා.

මෙසේ සුවය ලබා නිවසට ගිය පුද්ගලයාගේ කැනියුලාව සවි කර තිබු අත ඉදිමිම නිසා නැවත අසනීප තත්ත්වය උත්සන්න වී රෝහල් ගත කර තිබෙන අතර, එහිදී කරන ලද පරීක්ෂණයන්ගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ විෂබීජයක් ශරිර ගතවී එය හෘදයේ අසාත්මිකතාවක් ඇතිකිරීමට දක්වා ගමන් කර ඇති බවකි.