hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 6:36



හඳුනා නොගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු ඊයේ (22) අලුයම හදිසියේ මියගොස් තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන්, පේරදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇත්තේ මන්නාරම මුරුක්කන් ප්‍රදේශයේ පදිංචි තීවින් සාහිත්‍යන් නැමැති විසි දෙහැවිරිදි සිසුවෙක්.

හුස්ම ගැනීමේ අපහසුතාවක් නිසා ඊයේ (22) අලුයම 2.00ට පමණ අදාළ සිසුවා ඔහුගේ නේවාසික ස්ථානයේ වූ තවත් සිසුන් දෙදෙනෙකු විසින් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

රෝහලට ඇතුළත් කර පැයකට පමණ පසුව අදාළ සිසුවා මියගොස් තිබූ අතර මරණයට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

පේරාදෙණිය පොලිසිය පවසන්නේ, මරණයට නිශ්චිත හේතුව ප්‍රකාශ කළ හැක්කේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව බවයි.