2024 ජනවාරි 10, පෙ.ව. 8:37
කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි ,ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.
ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශි සංවිධානාත්මක අපරාධකරුකු සහ ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ගේ සහෝදරියකු බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනයත් සමගම පොලිසිය සැකකරුවට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:18
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:16
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 02, පෙ.ව. 12:08