hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 14, පෙ.ව. 6:52



රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙකි.

රසායන ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

ඒ වනවිටත් එම පුද්ගලයන් දෙදෙනා මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.