hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:04



උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරිමේ පුවතක් වාර්තා වනවා.

නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිලධාරී මණ්ඩය විසින් උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරිම නිසා දැඩි අපහසුතාවයට පත්වීමට සිදුව තිබෙන බවට ජනතාව චෝදනා කරනවා.

මාසයකට අධික කාලයක් නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කාර්යාලයට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතිකය අයදුම්පත ලබාදෙන බවත්, එහි සිංහල භාෂාවෙන් ඇති “මරණ” යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් “BIRTH” යනුවෙන් ලියා මහජනතාවට බෙදීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරනු ලබන බවයි .

තවද එක් භාෂාවක් පමණක් දන්නා මහජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වන බවත් උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීමට යෑමේදී මරණ සහතික අයදුම් පතක් ලබාදීමේදී දැඩි ලෙස කම්පා වීමට සිදුවන බවත් ජනතාව චෝදනා කර සිටිනවා.

මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකිවයුතු නිලධාරීන් පවසා තිබුණේ ෙඋප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් අවසන් වී ඇති බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද අවශ්‍ය සැපයුම ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: