2023 මැයි 15, පෙ.ව. 10:28
මේ දිනවල පවතින වැසි තත්වයත් එක්ක ඩෙංගු සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.
මේ වසරේ ජනවාරි පළමුවෙනිදා සිට ඊයේ දහවල් දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්ධන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්තුන්දහස් හයසිය පනස් හයක්.
එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ විස්සක් වාර්තා වී තිබෙනවා.
ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළවෙනිදා සිට හත්වෙනිදා දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එම සංඛ්‍යාව හාරසිය හැත්තෑ පහක්.
දෙවනුවට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන හාරසිය දොළොස් දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් එකසිය තිස් හය දෙනෙක්ද වාර්තා වී තිබුණා.
මේ අනුව ගෙවුණු සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් එක්දහස් නමසිය පනස් හතර දෙනෙක් මෙරටින් වාර්තා වී තිබුණු අතර ඉන් සියයට පනස් එකයි දශම හතක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
මේ අතර විහාරස්ථාන මගින් ඩෙංගු මර්දනය කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලවල නියෝජිත ස්වාමීන් වහන්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ පැවැත්වුනා.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,
“සෞඛ්‍ය අමාත්‍යංශයේ වායු සමීකරණ කාමරවල කැරකි කැරකි ඉඳලා මේක කවදාවත් කරන්න පුළුවන්කමක් නැහැ. පොඩ්ඩක් බැහැලා වෙලා තියෙන්නේ මොකක්ද වෙන්න යන්නේ මොකක්ද කියන එක අධීක්ෂණය කරන්න ඕනේ. අද අධීක්ෂණ කළමනාකරණය කියන එකත් සෞඛ්‍ය අමාත්‍යංශය විදිහට බොහොම අඩුයි. අපේ ගැලවුම්කාරයා අපියි කියලා හිතාගෙන මේ ඩෙංගු මර්දන ව්‍යාපාරයේ මන්තර මුල් කරගෙන මේ පණිවිඩය අපට දෙන්න පුළුවන් ගමට.”
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මෙසේ අදහස් දක්වා සිටියා,
“අපි නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට කියනවා කරුණාකරලා ඇහැ ඇරලා බලන්න. ඩෙංගු වසංගතය පිළිබඳව මධ්‍යගත තොරතුරු පද්ධතියක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මේක කියපු ගමන් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යංශය හෙට හෝ අනිද්දා තියෙන දත්ත ටික අර තියෙන තොරතුරු පද්ධතියකට දාලා ඔන්න මේක තිබ්බා. මේ බොරු කියන්නේ කියලා අපිට කියයි. කමක් නැහැ. එහෙම හරි ඒ වැඩේ කරන්න.”
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05