2023 මැයි 21, පෙ.ව. 4:15
මෙම වසරේ (2023) මේ දක්වා (ජනවාරි 01 වැනිදා සිට මැයි 19 වැනිදා දක්වා) කාලයේ දී දිවයිනෙන්ම වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තිස්පන්දහස් හැත්තෑ පහක් (35,075) දක්වා ඉහළ නැඟ ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවා.
මෙම තත්ත්වය තුළ දිවයිනේ සෑම රැකියා ආයතනයක්ම සිකුරාදා දිනයේ පැය 2 ක් පිරිසිදු කර ගැනීමට කාලය වෙන්කරවා ගන්නැයි ඒ මහතා සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා.
මෙම කාලය තුළ ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බව ද ඔහු සඳහන් කළා.
ඉන් මරණ පහක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ද හෙතෙම සඳහන් කර සිටියා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 7348 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7904 දෙනෙකු ද වාර්තා වන බව ද හෙතෙම කියා සිටියා.
මේ වනවිට දිනකට ඩෙංගු රෝගීන් 400 දෙනෙකු පමණ වාර්තාවන බව ද ඔහු සඳහන් කළා.
ගතවූ දින 4 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් දහස ඉක්මවා වාර්තාවී ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
2024 දෙසැම්බර් 23, ප.ව. 5:10
2024 දෙසැම්බර් 23, ප.ව. 4:55
2024 දෙසැම්බර් 23, ප.ව. 4:06
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34