hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ජූනි 09, පෙ.ව. 12:49



මෙම මාසයේ (ජුනි) ගත වූ දින 7 තුළ ඩෙංගු රෝගීන් 2479 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව වසරේ ගත වූ කාලසීමාව තුළ හඳුනාගෙන ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 41,883ක්.

ඒ අතරින් 22.1% ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ප්‍රතිශතය 21%ක්.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 67 ක් මේ වනවිට ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

වසරේ ගත වූ කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 25ක්.

පවතින වර්ෂාව හමුවේ මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කර දමන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.