hit counter

2026 ජනවාරි මස 06 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 21, ප.ව. 2:43



මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, ඒ සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී අවධානය යොමුව තිබෙනවා.

එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පසුගිය දා රැස්වු බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි දී මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ටිරාන් අලස් සඳහන් කළා.

කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන එම කමිටුව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන බව ටිරාන් අලස් ප්‍රකාශ කර තිබෙනවා.