hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2023 මාර්තු 02, පෙ.ව. 10:28



බෙන්තොට සංචාරක කලාපය යාකරන බෙන්තොට පාලමේ බොහෝ කාලයක සිට විදුලිය ඇන හිටීමෙන් සංචාරකයින්ට සිදු වූ අපහසුතාවය මගහරවමින් එහි සියලු විදුලි ලාම්පු දැල්වීමට පියවර ගෙන තිබෙනවා.

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත්ව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු වික්‍රම කරුණාසේන විපුල මහතා දැනුවත් කිරීමෙන් පසු මෙම අපහසුතාව නිවැරදි කිරීමට හැකිව තිබෙනවා.

රාජ්‍ය ඇමතිවරයාගේ හා විධායක ඉංජිනේරුවරයාගේ මැදිහත්වීම මත විදුලි ලාම්පු යළි දැල්වීමට ක්‍රියාකිරීම පිළිබඳව එම ප්‍රදේශයේ සංචාරකයන්ගේ පැසසුමට ලක් වී තිබෙනවා.