hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 22, පෙ.ව. 11:09



ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොබලා අනාගත මැතිවරණ දැක්මක් උදෙසා මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බවත්, එමගින් මැතිවරණ සඳහා දැරිය යුතු අධික වියදම සහ කාර්ය මණ්ඩලය අවම වන බවත්, එය අනාගත ආයෝජනයක් මිස වියදමක් නොවන බවත් ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය පවසනවා.

ඒ ඩිජිටල් මැතිවරණ ක්‍රමයක් උදෙසා ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැදවුම්කරු අමන්ද රණසිංහ විසින් ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අවන්ත රණසිංහ මෙසේ ද පැවසුවා.

“අපේ අරමුණ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහිකිරීම. තැපැල් ඡන්දයට අවශ්‍ය දිනයට ඡන්ද පත්‍රිකා ලබා දීමට නොහැකි වීමේ හේතුව මත මැතිවරණය අවුරුද්දකින් කල් යන බව රජයේ පාර්ශ්ව කියනවා. මේ මැතිවරණයේ මුද්‍රණ වියදම විතරක් රුපියල් බිලියන 4.1ක්. ඇයි අපට මැතිවරණය ඩිජිටල්කරණය කරලා ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයකට යන්න බැරි?

අයවැයෙන් මැතිවරණයට බිලියන දහයක් වෙන් කළා. ඒකෙන් බිලියන 4.1ක් ම මුද්‍රණ වියදම්. ප්‍රවාහන වියදම්, නිලධාරි වැටුප්, ආහාර, ආරක්ෂක වියදම් ඇතුළු ලොකු වියදමක් යනවා. පළාත් පාලන මැතිවරණයකට ඒක ලොකු මුදලක්. මැතිවරණය ඩිජිටල්කරණය කළොත් අර තරම් වියදමක් යනව ද? අපි රජයෙන් අහන්නේ 2048 සමෘද්ධිමත් රටකට යන්න නම් මේ වන විට මැතිවරණය රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න අරගෙන තියෙන පියවර මොනව ද?

ලංකාවෙන් එපිට ඩිජිටල් මැතිවරණ පවත්වෙන්නේ කොහොම ද කියලා බලන්න. හොඳම උදාහරණය ඉන්දියාව. 2021 මොබයිල් බේස් ඡන්ද ක්‍රමය ගෙනාවා. ඒක කළේ කොරෝනා වසංගතය කාලේ. පටන් ගත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් සහ ඉතා දුර බැහැර රාජකාරී කරන රජයේ සේවකයන්ගෙන්.

කෙටියෙන් ම කිව්වොත් ඡන්දය දාන්න ඡන්ද පොළට එන්න බැරි පිරිස ඉලක්ක කළා. ඒක නියමු ව්‍යාපෘතියක් විදියට කළා. සියයට අනූ පහක් ම සාර්ථකයි. ඒ වගේ ම 1989 සිට ඡන්ද පොළ තදබදය අඩු කරන්න ඉලෙක්ට්‍රොනික් ඡන්ද යන්ත්‍රයක් භාවිත කරනවා. මේ වෙද්දී නැම්බියාව නේපාලය වගේ රටවල් පවා ඒක භාවිත කරනවා. ඉන්දියාව ඒක කළා නම් මිලියන විසි දෙකක් විතරක් ඉන්න අපේ රටට ඒක කරන්න බැරි ඇයි? එස්තෝනියාව 2005 සිට මැතිවරණය ඩිජිටල්කරණය කළා. හේතුව අවම වියදම සහ කාර්ය මණ්ඩලය. පද්ධතිය යාවත්කාලීන කිරීම පමණයි අවශ්‍ය. එහෙම නම් ඇයි ලංකාවට බැරි?

Example Image