hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 26, ප.ව. 3:21



රනිල් වික්‍රමසිංහ මහතා යනු තමන්ගේ මහනායකවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසනවා.

කොළඹ කොටුව අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (26) ඔහු මෙම අදහස් පළකළා.

වෙදාරච්චි මහතා සදහන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා මහජනතාව අද වැල නොකැඩී කොළඹට පැමිණෙන බවයි.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ කවුරුන් ආරක්ෂා කිරීමට ජනතාව කොළඹට පැමි‍ණෙන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කළේ අපේ නායකයා ආරක්ෂා කිරීමට ජනතාව මෙලෙස එක්රැස්වන බවයි.

මාධ්‍යවේදීන් පෙරළා ප්‍රශ්න කළේ එතකොට ඔබේ නායකයා සජිත් ප්‍රේමදාස නොවන්නේද ලෙසයි.

මෙහිදී දිලිප් වෙදාරච්චි මහතා පැවසුවේ මේ නායකයෝ දෙන්නම අපේ බවත් රනිල් වික්‍රමසිංහ මහතා මහනායකවරයා බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: