hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 මැයි 31, පෙ.ව. 7:22



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා අද (31) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසුවා.

අග්‍රාමාත්‍යවරයා සමඟ තව දූත පිරිස 11 දෙනෙකු ද තායිලන්තය බලා පිටත්ව ගොස් ති‌බෙනවා.

ඔවුන් අද දින අලුයම 01.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.

මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ” සක් සුරින් ” නැමැති ඇතා, විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතයි.

ටී.කේ.ජී.කපිල

Example Image