hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූනි 22, ප.ව. 5:19



හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලට (22) දින පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 නිකුත් කිරිමත් සමග එම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනිමට විශාල පිරිසක් දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දික්ඔය මුලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ද තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනිමට ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි අතර එහිදි ඉන්ධන ලබා ගැනිමේ අපේක්ෂාවෙන් පෝලිම් වල රැදි සිටි පිරිස සහ ඉන්ධන පිරවුම්හලේ කලමණාකාරිත්වය ප්‍රමුඛතාවය මත පෝලිම්වලින් බාහිරව වෛද්‍යවරුන් ඉන්ධන ලබාදිමට පියවර ගත්තා.

ඉන්ධන ලබා ගැනිමට යතුරුපැදියෙන් පැමිණි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ තම මෝටර් රථයට විශාල වශයෙන් ඉන්ධන වැය වන නිසා තමන් මෙම අර්බුධය නිම වන තෙක් යතුරුපැදියක් භාවිතා කරන බවයි.

හැටන් – රංජිත් රාජපක්ෂ