hit counter

2025 මැයි මස 18 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:58



විදේශගත ශ්‍රමිකයින් පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 577.5 ක් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට එවා තිබේ.

පසුගිය වසරේ අගෝස්තු මාසය සමග සන්සන්දනය කරන විට මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට එවා ඇති ප්‍රේශණ ප්‍රමාණය සියයට 11 කින් ඉහළ ගොස් තිබේ.

මේ වසර තුළදී පමණක් විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 4288 ක මුදලක් මෙරටට එවා ඇත.

රටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ රටට ලබාදෙන ලෙසට ඉල්ලීම් කළ අතර එයට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් යහපත් ප්‍රතිචාර හිමිව තිබුණි.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට විදේශ ගත ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේශණ ප්‍රමාණය ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවූ අතර පසුගිය මාස හතක කාලය පුරා අඛණ්ඩව ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා යාමට හැකියාව ලැබී තිබුණි.