hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 ජනවාරි 24, පෙ.ව. 12:17



රියැදුරු බලපත්‍ර නොමැතිව යතුරුපැදි ධාවනය කළ විදේශිකයන් නව දෙනෙකුට විරුද්ධව අහංගම පොලිසිය නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව සංචාරක වීසා මත පැමිණි පිරිසක් වන මොවුන්, අහංගම පොලිසිය ඉදිරිපිටදී 22 දිනයේදී පරීක්‍ෂාවට ලක්කර ඇත.

අදාළ විදේශිකයින් පිරිසගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා 23 දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලීසිය වාර්තා කළා.

මින් පෙරද විවිධ අවස්ථාවලදී මෙරටට පැමිණෙන විදේශිකයන් බලපත්‍ර නොමැතිව රථවාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වූ අතර ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ගද යෝජනා විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: