hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2025 ජූනි 30, පෙ.ව. 12:02



ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි.

එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය නොහැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

තමන් රු. 240ක අවම මිලක් සහල් සඳහා ඉල්ලන විට මිල රු. 230ක් ලබා දීම නිසා ජනාධිපතිවරයාට ව්‍යාපාරිකයන් ද ජනතාව ද අහිමි වූ බවත් ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්කිරීමට තමන් මුදල් වියදම් කළේ යැයි චෝදනා කළ ද ඒ කිසිවක් කිසිවෙකු ඔප්පු කර නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: