hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූලි 16, ප.ව. 2:37



රජය විසින් 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනමට ලක් කල ඉස්ලාමීය සංවිධානවලින් 11න් 5ක තහනම කොන්දේසි සහිතව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම සංවිධාන 5 තහනම ඉවත් කරනු ලැබුවේ, වසරකට වැඩි කාලයක් පැවති විමර්ශනයකින් පසු බුද්ධි අංශවල විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම කණ්ඩායම්වල නියෝජිතයන් සහ රජයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ලබා දුන් නිර්දේශයන්ට අනුවයි.

එම සංවිධාන වන්නේ

ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා (JASM),

ශ්‍රී ලංකා තවුහිද් ජමාත් (SLTJ),

ඕල් සිලෝන් තවුහිද් ජමාත් (ACTJ),

සිලෝන් තවුහිද් ජමාත් සහ

එක්සත් තවුහිද් ජමාත් (UTJ) 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සංවිධාන පහ සහ තවත් සංවිධාන හයක් තහනම් කරමින්  2021 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කළා.

බුද්ධි අංශ සමඟ පැවැති සාකච්ඡාවලදී එම සංවිධානවල නියෝජිතයන් තම සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයේ වගකීම භාරගන්නා බවට සහතිකයක් ලබාදී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසුවා.

එසේ වුවද, තහනම ඉවත් කිරීමෙන් පසුව වුවද, මෙම සංවිධානවල ක්‍රියාකාරකම්, ඔවුන්ගේ අරමුදල් සහ අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් සිටිය යුතු බව විද්වත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට අහිතකර ක්‍රියාවල නිරත වන බවට ඉඟි පළවන්නේ නම් එම තහනම යළි ක්‍රියාත්මක කළ යුතු බවද කමිටුව අවධාරණය කර තිබෙනවා.