hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, පෙ.ව. 4:39



විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ගණන අනුව ඔවුන්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා දීම කෙරෙහි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබෙනවා.

එම ශ්‍රමිකයන් එවන ඩොලර් ප්‍රමාණය අනුව ලබා දෙන වාහන බලපත්‍ර මොනවා ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතින බව විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

මේ අනුව, විදේශගත සියලු ශ්‍රමිකයන්ට සහන සැලසෙන පරිදි මෙම වරප්‍රසාදය ක්‍රියාත්මක වන බව ද සඳහන් වෙනවා.

නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් එවන සියලු දෙනා වෙනුවෙන් අද හෙටම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගිය යුතු බව කම්කරු සංවිධාන රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අදාළ නිලධාරීන් වෙත දන්වා ඇතැයි ද වාර්තා වෙනවා.